පලමු ඒකකය

අපගේ දැක්ම



2013 වසරේ දීප ව්‍යාප්තව ආරම්භ කරන ලද ඉන්ජිනේරු තාක්ෂණවේදය ව්ෂය සම්බන්ධ සුවහසක් සිසු දරු දැරියන්ට විෂය කරුණු සොයා ගැනීමට නිවැරදි පැහැදිලි මගක් නොතිබුණි.ඒ හා සම්බන්ධ දැනුමින් සන්නද්ධ ගුරුවරුන්ද ඉතා අල්ප වීම නිසා ඇතැම් කූට පුද්ගලයින් මෙම විෂයේ ව්ෂය කරුණු සම්බන්ධව ව්‍යාජ තොරතුරු සපයමින් නිවැරදිම දේ තමාවත් නොදැන දරුවන්ට මෙම විෂය සම්බන්ධව උගන්වන"ටියුෂන් කඩ" රට පුරා බිහි කෙරිණි. එම ටියුෂන් කඩ වලට ගොස් හෙම්බත් වූ මඟ වැරදුණු සුවහසක් අහිංසක දරුවන්ගේ ඉකි ගසා හඬන විලාප හඩට අස්වැසිල්ලක් වීමටත්,විෂය සම්බන්ධව අංගවිකල කල සිසු දරුවන්ගේ දැනුම සහ හැකියාවන් විකලාංග සායනයකට යොමු කර නිවැරදි මඟකට යොමු කිරීමටත් විෂය ඉගැන්වීම් කටයුතු සිදු කරන දයාබර ගුරු උතුමන්ගේ විෂය පිළිබද දැනුම තව දුරටත් සංවර්ධනය කිරීමටත් අරමුණු කර ගනිමින් මෙම වෙබ් අඩවිය ලොවට දායාද කිරීමට අදිටන් කලෙමි.එය අද මල් ඵල දරා ඇත.ඉතින් ඔබේ හෙට ලොව අනාගතය තැනීමට මම අද කැපවෙමි.


 
Copyright © A/L Enginnering Technology . .