පලමු ඒකකය

අතිගරු ජනාධිපති තුමාගේ පණිවිඩය

Share & Comment



තාක්ෂණවේදය විෂය ධාරාව සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියට හදුන්වාදීමේ අවස්ථාවට පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබදව මම සතුටට පත්වෙමි.

                                     පන්ච මහා කේන්ද්‍රයන් ඇසුරින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා ගොඩනැගීමට මහින්ද චින්තන ඉදිරි දැක්ම පියවර තබා තිබේ.එහිදී නාවික,ගුවන්,වාණිජ,බලශක්ති සහා දැනුම ජය ගැනීම ඉලක්කගතය.ඒ සදහා වන මානව සම්පත ගොඩනැගීම අපට ඇති දැවැන්ත අභියෝගයකි.තාක්ෂණවේදය විෂය ධාරාව හදුන්වාදීම එකී අභියෝගය ජය ගැනීම වෙනුවෙන් ගනු ලබන තවත් වටිනා පියවරක් බව මම විශ්වාස කරමි.

     විද්‍යා,තාක්ෂණය හා ප්‍රායෝගික අත්දැකීම් භාවිත ඉගෙනුම් ක්‍රමයෙහි වූ හිඩැස රටේ අධ්‍යාපනයේ දී දැවැන්ත පසුබෑමක් විය.තරුණ තරුණියන්ගේ රැකියා වෙළදපොල සේම රටේ සංවර්ධන ක්‍රියාදාමයට ද එය මහත් බාධාවක් විය.දැනුම කේන්ද්‍රීය අධ්‍යාපනයට පරිබාහිරව රටට වඩාත් උචිත අධ්‍යාපන ක්‍රමයක් ප්‍රතිනිර්මාණය කිරීමේ කාර්යයට මහින්ද චින්තනය පියවර තැබුවේ ඒ නිසාය.

                    ඒ අනුව රටේ තාක්ෂණ සංවර්ධනය පෙරට ගැනීමට තාක්ෂණික නිපුණතා සහ අත්දැකීම් සහිත මානව සම්පත අනාගතයේ අප සතු වෙයි.තාක්ෂණවේදය විෂය ධාරාව හදුන්වාදීම ඒ අධ්‍යාපන විප්ලවයේ වැදගත් හැරවුම් ලක්ෂයක් ලෙස මම දකිමි.

නව විෂය ධාරාවක් ලෙස තාක්ෂණ විෂය ධාරාව තෝරා ගන්නා සිසු දරු දැරියන් ප්‍රායෝගික දැනුමද සමග පෙරට යනු දැකීම අපගේ අපේක්ෂාව ය. ඒ සදහා ඔබ සැමට මාගේ සුභ පැතුම් පිරිනමමි.


මහින්ද රාජපක්ෂ
2013 ජූනි මස 17 වෙනි දින.

Written by Indrajith jayakody

තාක්ෂණය සම්බන්ධව වසර ගණනාවක් රාජ්‍ය හා පෞද්ගලික අන්ශයේ න්‍යයික හා ප්‍රායෝගික පලපුරුද්දක් සහිතව කටයුතු කළ තාක්ෂණය සම්බන්ධව ශික්ෂණවේදී ඩිප්ලෝමාධාරී පළපුරුදු ගුරුවරයෙකි.

 
Copyright © A/L Enginnering Technology . .